2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:27
ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය තිළිණි පියමාලි නමැති කාන්තාව සමග කිට්ටු සබඳතා පැවැත්වූ තවත් කෝටිපතියන් කීප දෙනෙකු ඇගේ වංචාවට හසුවී ඒ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා.
මෙම කෝටිපතියන් තමන්ට සිදුවූ පාඩුව දරාගෙන සිටින බව දැන ගන්නට තිබෙන බව ද එම නිලධාරියා සඳහන් කළා.
මෙම වංචාවට තමන් හසුවී ඇති බව පොලිසියට ප්‍රකාශ කළහොත් මූල්‍යාතනයේ තැන්පත් කිරීමට ඔවුන්ට මෙපමණ විශාල මුදලක් ලැබුණු ආකාරය සනාථ කිරීමට නොහැකි නිසා පාඩුව මෙන්ම ලැජ්ජාවද විඳ දරාගෙන ඔවුන් සිටිය හැකි බව ඔහු කියා සිටියා.
මෙම වංචනික කාන්තාව සමග කිට්ටු සබඳතා පැවැත්වූ දැනට හෙළිවී සිටින දේශපාලකයන්, රංගන ශිල්පීන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද මෙම කාන්තාව සතු ලිපිගොනු, දුරකථන ඇමැතුම් මෙන්ම ඇයගේ කාර්ය මණ්ඩලයෙන්ද ප්‍රකාශ සටන් කර නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26