hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 26, පෙ.ව. 12:00



නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සදහන් වන්නේ.

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති වනවා.

එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවද සදහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 50-60 ක පමණ තද සුළං බලාපොරොත්තු වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: