hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:18



වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය ඉතා බලවත් බැවින් 2025 වනතුරු ඔහු ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි බව ප්‍රවීණ ජෝතිර්වේදී බී.ජී.පී. කරුණාරත්න මහතා සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක පැවති සාකච්චාවකදීයි.

යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට 2025ට කලින් උත්සාහ කළොත් එය අවසන් වන්නේ දැවැන්ත ලේ වැගිරීමකින් බවත් කරුණාරත්න මහතා කියා සිටියා.

මේ මාසය රටට එතරම් සුබ නොවන බවත් නැවතත් තෙල් හිගයක් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති බවද ඔහු කියා සිටියා.

නැවත මහජන කැලබීමක් ඇති වන බවත් එය ආණ්ඩුවට මෙන්ම රාජ්‍ය නායකයාටද බලපෑමක් ඇතිවීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: