hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 2:30



ප්‍රවීණ රංගධරයෙකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19)  උදෑසන කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබෙනවා.

රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කතා බහක නිරත වී ඇති තර ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වී ඇති බවද සඳහන්.

දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකශ කර තිබෙනවා.

රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: