hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 24, පෙ.ව. 11:39



රාජ්‍ය සේවයට බදවා ගැනීමේ කිසිදු විභාගයක් නොපවත්වන ලෙස මුදල් අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට ඊයේ (23) දැනුම් දී තිබෙනවා.

එම දැනුම් දීමට අනුව මේ දක්වා පවත්වා ඇති බඳවා ගැනීමේ විභාගවල ප්‍රතිඵල ද නිකුත් නොකළ යුතු බව දන්වා ඇතැයි වාර්තා වනවා.

පාසල්වල පවතින සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ පැවැති විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් සිදු කර නෑ.

එම ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් කිරීමට සිදුවීම ඊට හේතුවයි.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීමට පියවර ගත්තේ මෙම වසරේ අයවැය යෝජනාවක් අනුව ය.

මේ අතර රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු ි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: