hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 24, පෙ.ව. 12:05



මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සම්බන්ධයෙන් තොරතුරු එළඹෙන අප්‍රේල් මස (10) වනදා සිට දත්ත පද්ධතියකට ඇතුළු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.

ඒ අනුව රියදුරු බලපත්‍රයේ විස්තර, දුරකතන අංක, දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, එළඹෙන අප්‍රේල් (15) වනදා සිට ලංකාවේ රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට ගුවන්තොටුපොළේදීම අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: