hit counter

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 21, ප.ව. 4:25



අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පස්සට බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

“දඩබ්බර වෙච්ව ආණ්ඩු හැමවෙලේම ගෙදර ගියා. දඩබර වෙච්ච ආණ්ඩු වලට ජනතාව ගහන්නේ දැන් නෙවෙයි වැටෙනකං ඉඳලා. මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මාස නවයකට. අප්‍රේල් පළවෙනිද සිට දෙසැම්බර් 31 දක්වා අයවැය ඉදිරිපත් කර තියෙනවා. අයවැයේ හොඳ නරක දෙක දැකගන්න ලැබෙන්නේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන විටයි. අයවැයේ හොඳ යෝජනා වැඩපිළිවෙලක් තියෙනවා. නව අදහස් තියෙනවා. සැලකිල්ලට නොගැනුණු සමාජ ක්ෂේත්‍ර ගැන සැලකීම් තියෙනවා. නමුත් ඇත්ත තත්ත්වය දැකගන්න ලැබෙන්නේ දෙසැම්බර් අවසානයේ. වැටුප් වැඩිවීම ගැන මා සතුටු වෙනවා. මමත් අවුරුදු තුනක සැලැස්මක් අනුව වැටුප් වැඩි කිරීමක් ගැන දැක්වෙනවා. බිලියන 327 ක් මේ වෙනුවෙන් වියදම් කළ යුතු වෙනවා. පසුගිය අයවැය වල ඉදිරිපත් කළේ ඒ වසර සඳහා යෝජනාවක්. දැන් රට තුළ ප්‍රශ්නාර්ථයක් ඇතිවෙනවා. පඩි වැඩි වෙන ආකාරය ගැන රාජ්‍ය සේවකයාත් දන්නේ නැහැ.” යනුවෙන් ද අබේගුණවර්ධන මහතා කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: