hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 04, ප.ව. 4:10



මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කර තිබේ .

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් වසා තැබීමට ඊයේ (04) පියවර ගෙන ඇත.

  පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: