hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:22



ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ, සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2024 වර්ෂයේ දී පාසල් නිල ඇඳුම් හා දිවා ආහාර ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන වර්ෂාවසානය වන විට සියලු‍ විෂය නිර්දේශ ආවරණය කර මගහැරුණු අධ්‍යයන කටයුතු සියල්ල යථා තත්වයට පත් කිරීම මෙම භෞතික පහසුකම් සැපයීමේ අපේක්ෂාව බවයි.

එසේම පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වියදමකින් මෙන් ම කල්වේලා ඇති ව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: