hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:41



නාවලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිත පිහිටි වතු පාසල් වලට ළමුන් 30% ක් පාසල් නොපැමිණෙන බව මහනුවර දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය කදිරේසන් හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික තැගි ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින්.

මෙහිදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නාවලපිටිය නගර සිමාවේ පිහිටි දමිල පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය කර තිබුණද ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල තත්ත්වය නොතිබෙන බවයි.

විභාග ප්‍රතිඵල අනුව නාවලපිටිය ප්‍රදේශයේ විභාග ප්‍රතිඵල පහල මට්ටමක පවතින බවත්, එයට හේතුව ගුරු හිගය බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

රජයේ අනුමැතිය ලබාදෙන්නේ නම් නාවලපිටිය ප්‍රදේශයේ දමිල පාසල් වල පවතින ගුරු හිගය පියවිමට පියවර ගන්නා බව පැවසු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අනාගතයේදි සේවය කිරිමට නාවලපිටිය ප්‍රදේශයෙන් වෛද්‍යවරුන් ගණනාවක් බිහිවිය යුතු බවයි.

ඒ සදහා ගුරුවරුන්ගේද දායකත්වය ඉහල මට්ටමට තිබිය යුතු බවත්, අධ්‍යාපනය මෙන්ම ක්‍රිඩාවටද නාවලපිටිය ප්‍රදේශයෙන් ක්‍රිඩකයින් බිහි විය යුතු බවයි මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: