hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:20



පාසල් සිසු සිසුවියන් ලක්ෂ 08කට පාවහන් ගැනීම සඳහා රුපියල් 3000 වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉතිරි සති දෙක තුන තුළ එම පාවහන් ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන බව ඔහු සඳහන් කරනවා.

මෙම දීමනාව 2024 වර්ෂයේ දී තව දුරටත් වැඩි කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එසේම 2024 වර්ෂයේ සිට අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින් ම පිවිසෙන බවත් විෂය මාලා සංවර්ධනය සඳහා ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් සඳහන් කළා.

ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් යොමු වන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: