hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 1:38



අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විෂයන් පහක් හෝ හයක් දක්වා අඩු කිරීමට අවධානය යොමු තිබෙන බව වාර්තා වෙනවා.

2025 වසරේ සිට මෙම වෙනස කිරීමට රජය බලාපොරොත්තු වන්නේ විභාග පද්ධතිය පුළුල් වෙනසක් ද සිදු කරමින් බවයි කියන්නේ.

රජය විසින් ඉදිරියේදී සිදුකරාන පුළුල් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ මෙය ක්‍රියාත්මක කරන බව සඳහන් වෙනවා.

සිසුනට ඇති විභාග බර අවම කිරීම හා එහි ගුණාත්මක බව වැඩි කිරිම සඳහාත් 2025 වසර සිට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි පුළුල් වෙනසක් සිදු කිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඔවුන් කියන්නේ ඉදිරියේ දී උසස් පෙළ විෂය ධාරාවන් ප්‍රමාණය අටක් හෝ නවයක් දක්වා ඉහළ දමා සිසුන්ට තෝරා ගැනීමේ අවස්ථා වැඩි කිරීමට අදහස් කර සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: