hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:03



පාසැල් ළමයින් අතර සීඝ්‍රයෙන් අක්ෂි රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

රෝගය වැළඳුණු දරුවන් පෙරපාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම තුළින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ හා හිසරදය වගේ රෝග ලක්ෂණ මෙහිදී දැකගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

“මේ දවස්වල පාසල් දරුවන් අතර ඇස් රෝගයක් ව්‍යාප්ත වෙනවා. මේක වෛරස් උණ රෝගයක් විදියට තමා අපි දකින්නේ. මොකද ඉතාම සීඝ්‍රයෙන් මේක බෝවෙන්න පුළුවන්. කවුරු හරි ඇස් රෝගය තියෙන කෙනෙක් අල්ලලා කොහේ හරි තැනක් ඇල්ලුවොත්, ඒ තැන නිරෝගි පුද්ගලයෙක් අල්ලලා ඊට පස්සේ තමන්ගේ ඇස් ඇල්ලුවොත් තමා මේක බෝවෙන්නේ. ළමයි එකට එකතුවෙලා සෙල්ලම් කරන නිසා ඒ අය අතර බෝවීමේ ඉඩකඩ වැඩියි. මේ රෝග ලක්ෂණත් එක්ක සමහර වෙලාවට ඉහළ ශ්වසන මාර්ගයේ ඒ කියන්නේ කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් දරුවාව පාසල් යවන්න එපා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට, මොන්ටිසෝරි යවන්නත් එපා. අනෙක් දරුවන්ට බෝවෙන්න පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: