hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 8:13



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 7 දෙනෙක් මිලියන ගණනක මුදල් වියදම් කරමින් සැලසුම් කර තිබූ විදෙස් සංචාරයක් ක්‍රීඩා සභාව විසින් අත්හිටවූ බවට හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් හත් දෙනෙක් මේ වන විට ක්‍රියාත්මක ආසියානු කුසලාන තරගාවලියට නිලධාරී මට්ටමෙන් එක්වීමට නියමිතව තිබූ බවයි.

එහිදී අනාගත තරග සංචාර, ලංකා ප්‍රීමියර් ලීග තරගාවලිය ඇතුළු කරුණු ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමග මෙන්ම අනෙකුත් රටවල් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණ බවත් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒසේම ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා රජයේ මුදල් භාවිත නොකරන බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: