hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි 01, ප.ව. 2:03



2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2026 පෙබරවාරි අගදී ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බාහිර අංශයේ පීඩනයන් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද(1) නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.87ක් ලෙසත්, විකුණුම් මිල රු. 323.80ක් ලෙසත් සටහන් වී ඇත. එසේම, නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 319.34ක් ලෙස වාර්තා වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: