hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:25



ඉදිරියේදී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කෝපායී ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශතසංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව මෙරට පෙර පාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතරම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමීව සංවර්ධනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට විද්‍යාපීඨ 19 ත්, ගුරු විද්‍යාල 8 ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහාම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවයි.

එහිදී කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයට යාපන අර්ධද්වීය තුළ කේන්ද්‍රස්ථානය හිමි වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

උතුරු පළාත තුළ වෙසෙන ගුරු අභ්‍යාසලාභී විද්‍යාර්ථීන්ට එය වඩාත් ප්‍රශස්ථ අවස්ථාවක් වනු ඇති බවටයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශ්වාසය පළ කළේ.

එමගින් 2027 වර්ෂය වන විට සියලු‍ ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බැව් සිහිපත් කළ අමාත්‍යවරයා යාපන අර්ධද්වීපය තුළ සිටම විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන්ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කර ඇති බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: