hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 6:05



පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඊයේ (01) සිට ක්‍රියාත්මක වෙනවා.

මේ මස මුලදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අනතුරුව පසුගිය සතියේ කතනායක මහින්ද යාපා අබේවර්ධන ඒ සඳහා සිය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව, වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගෙන් මෙම බදු අය කර ගැනීම සිදු කෙරෙනවා.

නව බද්දෙන් රජය උපයා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140ක්.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය රැකවරණය සැපයිය යුතු සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම වෙනුවෙන් අරමුදල් ලබා ගැනීම මෙම බදු මගින් අපේක්ෂා කෙරෙනවා.

එම බද්ද පැනවීම තුළින් ජනතාවගේ බදු බරද සියයට 6 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් වැඩිවනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කළා,

“සමාජ ආරක්ෂණ බද්ධ 2022 සංශෝධනය කරන්න අයවැය යෝජනා මගින් රජය විසින් හදුන්වා දෙනු ලැබුවා. මේකේ ප්‍රධාන අරමුණ තමයි රජයේ ආදායම ඉහළ දමා ගැනීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් හානියට පත් රට නැවත ගොඩ නැගීම කියන පරමාර්ථයන් තමයි රජය සදහන් කරලා තියෙන්නේ. ඒ අනුව වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120ක් වන ආයතන විවිධ වර්ග සදහා මේක අදාළ වෙනවා. ඒ තුළ ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග හා සිල්ලර වෙලෙන්දන් වගේ ආයතන රාශියක් මේ තුළට යටත් කරලා තියෙනවා. මේ මගින් ඇත්තටම භාණ්ඩ හා සේවා මිල විශාල වශයෙන් වැඩි වෙයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්. ගණනය කිරීම් අනුව 2.5ක් විදියට පැනෙව්වට ඒ තුළින් 2.5ක් නෙවෙයි ඇත්ත බදු බර පාරිභෝගිකයාට එනකොට සමහර විට 6%ත් 10%ත් අතර බදු බරක් පාරිභෝගිකයාට එනවා.”