hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 29, ප.ව. 2:35



ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවල දී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත්, අධ්‍යාපන විද්‍යාපීඨවලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත්, උපාධිධාරීන් සිටින්නේ ද අතලොස්සක් බවයි.

ඒ, සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී ඇති බවත්, ඔවුන් වසර තුනක් ඇතුළත ගුරු මධ්‍යස්ථාන මඟින් ඩිප්ලෝමා මට්ටමින් පුහුණුකර පාසල් වෙත යොමු කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තව ද ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, එළඹෙන මැයි මාසය වන විට ඒ අනුව එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: