hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 2:05



ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත්කිරීමේ කාර්යයේදී රජයේ අනුමැතිය ලැබීමෙන් පසු එක් කොටසක් ගෙවා ඇතත් ඉතිරි ගෙවීමට ඇති වැටුප් කොටස් මේ වනවිට වැටුපට එකතු කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ මහත්මිය සඳහන් කරනවා.

අද පවතින ආර්ථික දුෂ්කරතා මැද ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට හිමි වැටුප නොගෙවීම බලවත් මානව අයිතිය කඩකිරීමක් මෙන්ම ජීවත්වීමේ අයිතියට කරන අගතියක් බව ද ඇය කියයි.

මේ අතර ගුරු උපදේශකවරුන් බලවත් ඉල්ලීම් කළත් ඔවුන්ගේ ගුරු උපදේශක සේවාවේ ගැටලු හා වැටුප් හා දීමනා ප්‍රශ්නයට මෙතෙක් සාධාරණයක් ලැබී නැත. ප්‍රවාහන වියදම් අධික වීම තවත් ආර්ථික ප්‍රශ්නයකි.

පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමට ඔවුන්ගෙන් විශාල සේවයක් ඉටුවුව ද එම සේවාදායකයන් ගැන හරි උත්තර නොදීම නිසා ගුරු උපදේශකවරුන් බහුතරයක් පාසල්වලට ගොස් ඇත. එහෙත් තවත් කොටසක් සියලු පීඩා දරාගෙන ගුරු උපදේශක සේවයේ යෙදී සිටියි.

මොවුන්ගේ ගැටලු විසඳීම ගැන මීට වඩා අවධානය යොමුකර සාධාරණ විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ඇය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: