hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 3:11



ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්න වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට සිය උණුසුම් සුබ පැතුම් පළ කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.

එහි දී ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කර ඇති අතර ඇය දිවයිනට පැමිණි පසුව, ඇය හමුවීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: