hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 09, ප.ව. 12:36



පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු වන ශිරාර් හෙවත් තුවාන් නැමැත්තා පොලිසියට ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ දී මිය ගොස් තිබෙනවා.

ඔහු ආයුධ පෙන්වීමට රැගෙන යන විට ගල් කොරියකට වැටී මියගොස් ඇති බවයි විශේෂ කාර්‍ය බලකාය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සඟවා තිබූ බව කියන ආයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ප්‍රදේශයේ ගල්වලක් වෙත රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු ගල්කොරිය ඉහළ සිට පහළට ඇදවැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නවගමුව පොලීසිය පවසන්නේ.

පසුව බරපතළ තුවාල ලැබූ සැකකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: