hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 15, පෙ.ව. 12:14



 ගල් අඟුරු සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මිස කිසිදු ආකාරයක ගල් අඟුරු හොරකමක් නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා අවධාරණය කරයි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සැමවිටම ප්‍රශ්නවල ‘වලිගයෙන්’ අල්ලා ගැනීමට උත්සාහ කරන බවත්, එවැනි ක්‍රියාමාර්ග හරහා ඔවුන්ට නියම ප්‍රශ්නය මඟහැරෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විපක්ෂය සැමදා වලිගයෙන් ප්‍රශ්න අල්ලන නිසා, රජය මෙවර ප්‍රශ්නයේ ‘ඔලුවෙන් අල්ලා’ එය විසඳා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට අමතරව, අජිත් පී. පෙරේරා මහතාගේ කාලයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ද සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: