2026 මැයි 10, පෙ.ව. 12:32
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට පක්ෂ කාර්යාලය තුළදී ගුටි බැට ප්‍රහාරයක් එල්ල වී ඔහු රෝහල් ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන බව බහුජන බලය සංවිධානයේ මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, වැඩිහිටි දේශපාලනඥයෙකු වන ටිල්වින් සිල්වා මහතාට එවැනි කරදරයක් සිදු නොවන්නට ප්‍රාර්ථනා කරන අතරම ඔහුට ඉක්මන් සුවය පතන බවයි.
එමෙන්ම රටේ වත්මන් දේශපාලන සංස්කෘතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව මිලින්ද රාජපක්ෂ මහතා බරපතල විවේචනයක් ඉදිරිපත් කළා.
ඔහු පවසන්නේ, රටේ නීතිය සහ යුක්තිය පසිඳලන ආයතන අද වන විට පාලකයන්ට අවශ්‍ය පරිදි මෙහෙයවන තත්ත්වයට පත්ව ඇති බවයි.
අතීතයේදී රාජ්‍ය නායකයන් මැතිවරණ වේදිකාවලදී අවධාරණය කළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ආකාරය පිළිබඳව වුවද, වත්මන් ජනාධිපතිවරයා වේදිකාවල සිට පවසන්නේ කිසියම් පුද්ගලයෙකු නිශ්චිත දිනයකදී බන්ධනාගාරගත කරන බවත්, ඒ සඳහා ජනතාවට අත්පොළසන් දෙන ලෙස බවත් මිලින්ද රාජපක්ෂ එහිදී සඳහන් කළා.
සිරගත කරවීමට නියමිත පුද්ගලයන්ට “හිරේ යන්න බැරි නම් සියදිවි නසාගන්න” යනුවෙන් බලධාරීන් පවසන බවත්, එය වර්තමානයේ අධිකරණයට ඉදිරිපත් කෙරෙන දිවුරුම් ප්‍රකාශ මඟින් පවා තහවුරු වන බවත් මිලින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වාදෙනවා.
යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන්ට අද වන විට සියදිවි නසාගැනීම යහපත් යැයි සිතෙන තරමට මර්දනයක් දියත් වී ඇති බව ඔහු චෝදනා කළා.
එමෙන්ම මීට පෙර ටිල්වින් සිල්වා මහතා විසින්ම “මින් ඉදිරියට වෙනත් ආණ්ඩු නැති බවත්, වෙනත් ආණ්ඩු හදන අයට සියදිවි නසාගන්නා තත්ත්වයට කටයුතු කරන බවත්” පැවසූ කරුණු මිලින්ද රාජපක්ෂ මෙහිදී සිහිපත් කළා.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අවශ්‍ය පරිදි අධිකරණය, පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හසුරුවන තත්ත්වයට රට පත් නොකරන ලෙසයි ඔහු පවසන්නේ.
මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවලියකට එරෙහිව නීතිඥ සංගමය සහ විනිසුරුතුමන්ලා වහා මැදිහත් වී රටේ සාධාරණත්වය තහවුරු කළ යුතු බව මිලින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.
2026 මැයි 15, ප.ව. 12:56
2026 මැයි 15, පෙ.ව. 11:30
2026 මැයි 15, පෙ.ව. 12:27
2026 මැයි 15, පෙ.ව. 12:24
2026 මැයි 15, පෙ.ව. 12:22
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26