hit counter

2025 නොවැම්‍බර් මස 14 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:03



කවුරු මොන කතා කීවත් එදා රට බේරා ගත් නාය­ක­යාගේ පුතා වන නාමල් රාජ­පක්ෂ මහතා අපේ රටේ ජනා­ධි­පති ධුර­යට පත්වීම කිසි­ව­කුට නැවැ­ත්විය නොහැකි යැයි ශ්‍රී ලංකා පොදු­ජන එක්සත් පෙර­මුණේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක, හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා ප්‍රකාශ කළේය.

හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙර­මුණ දිව­යින පුරා ප්‍රාදේ­ශීය කාර්යාල පිහි­ටු­වීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ අනු­රා­ධ­පුර, පෙරි­ය­න්කු­ලම කාර්යා­ලය විවෘත කිරීමේ උත්ස­ව­යේ­දීය. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“වත්මන් රජය වැඩි­හි­ටියා පම­ණක් නොව කුඩා දරු­වන් ද රවටා වැඩ කර­නවා. එයට විරු­ද්ධව ජන­තාව නැඟී සිටිය යුතුයි. අපි ඒ සඳහා සූදා­නම්ව සිටි­නවා. යළිත් රට එක්සේ­සත් කිරී­මට නම් නාමල් රාජ­පක්ෂ ජන­පති කළ යුතුයි. එය එදා රට බේරා ගත් ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට කරන ගෞර­ව­යක්.

රජ­රට ගොවි ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳන්න ලාල් කාන්ත­ලාට බැරි­වු­ණාට එය කරන්න අපි සූදා­නම්. ඒ බව මීළඟ පළාත් සභා මැති­ව­ර­ණ­යේදී පෙන්න­නවා. වත්මන් රජ­යට නොහැකි වූ ජනතා සේවය ඉටු කරදී ජනතා ප්‍රශ්න විස­ඳ­නවා. ප්‍රාදේ­ශීය වශ­යෙන් සංවි­ධාන කට­යුතු ආරම්භ කර දිව­යින පුරා ගෙන යන මේ වැඩ­පි­ළි­වෙළ අව­සන් වන්නේ නාමල් රාජ­පක්ෂ ජනා­ධි­පති කර ස්වර්ණ­මය යුග­යක් මුළු රට­ටම උදා කිරී­මෙන්.”

මේ උත්ස­වය සංවි­ධාන කළ ප්‍රාදේ­ශීය සභා හිටපු මන්ත්‍රී ආර්. එම්. සරත් කුමාර සහ බට­හිර සංවි­ධා­යක කේ. විජේ­වීර මහ­ත්වරු ද මෙහිදී අද­හස් දැක්වූහ. හිටපු පක්ෂ නාය­ක­යන් වන කල්‍යාණි කර­ලි­යද්ද, මැද­ව­ච්චියේ චානක විජේ­සූ­රිය, හොරො­ව්ප­තාන එස්. බී. වීර­කෝන්, නැඟෙ­න­හිර එස්. බී. කුමා­ර­දාස, සම සංවි­ධා­යක උමේද සෙනෙ­වි­රත්න, කලා­වැව ජී. එච්. සරත් ගාමිණී, ආර්. එම්. සරත් කුමාර මහත්ම මහ­ත්මීන් ඇතුළු ප්‍රාදේ­ශීය සංවි­ධා­න­වල විශාල පිරි­සක් ද එක්ව සිටි­යහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: