hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 ජනවාරි 23, ප.ව. 5:33



කොළඹ නගරයේ CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125ක් සම්බන්ධයෙන් අවවාද කිරීම් සිදු කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළා.

ඒ අනුව එහි මූලික පියවරක් ලෙස එම වාහනවල හිමිකරුවන් වෙත අවවාද කිරීමට කටයුතු කල බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ .

මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: