hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:54



නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

දහම් අධ්‍යාපනයට යෙදවිමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වි තිබීම හේතු කරගෙන මෙම තීරණය ගත් බව පලාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායකගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ දැක්වෙනවා.

මේ අනුව ඉරිදා දිනවල පස්වරු 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්විම මෙලෙස තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති අතර ඒ සදහා පොලිසියේ හා අදාල පලාත් පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදි තිබෙනවා.

මෙම උපදෙස් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය උතුර, කන්තලේ, අම්පාර, මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: