2026 මැයි 05, පෙ.ව. 12:27
එකතු කළ අගය මත පැනවෙන බදු එළැඹෙන ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනුයේ අදාළ ගැසට් නිවේදනය මගින් සිදුකර ඇත්තේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි බදු ප්‍රතිපත්තිය සරල කිරීම මගින් මෙතෙක් කල් අය කරන ලද එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ යන බදු වර්ග දෙක එකට එකතු කිරීමක් වන බවය.
ඒ අනුව මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය කරන ලද 18%ක් වූ එකතු කළ අගය මත බදු සහ 2.5%ක් වූ සමාජ ආරක්ෂණ බද්ද එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත බදු වෙනුවෙන් එකතු වන බවත් ඒ අනුව 20.5%ක බදු ප්‍රතිශතයක් අයවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් එම මාසයේ සිට සමාජ ආරක්ෂණ බදු අය කිරීමක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මින් පසු එකතු කළ අගය සහ සමාජ ආරක්ෂණ යනුවෙන් බදු වර්ග දෙකක් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා,
“විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන දෙයක් තමයි අපි ජූලි මාසේ 01 වැනිදා ඉඳන් වැට් බද්ද 20.5%ක් කරන්න යනවයි කියන එක. අපි ජාතික ජනබලවේගය හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඉදිරිපත් කරනවා බදු ක්‍රමය සරල කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා. අන්න එතනට ගත්ත එක පියවරක් විදිහට
එතකොට මෙතැනදි සංශෝධනයක් ගේනවා බැංකු සහ මූල්‍ය ආයතන වෙනුවෙන් අයකරනු ලබන වැට් බද්ද 2026 ජූලි 01 වැනිදා ඉඳන් 20.5%ක් කරනවායි කියලා. නමුත් එතැනදි මෙහෙමයි වෙන්නේ එතැනදි පැහැදිලිවම මීට පෙර බැංකු සහ මූල්‍ය ආයතනයක් වුණාම එකතු කළ අගය මත බද්ද 18%කට අයත් වෙනවා ඊට අමතරව ඒ බැංකු සහ මූල්‍ය ආයතන 2.5%ක සමාජ ආරක්ෂණ බද්දට යටත් වෙනවා. එතකොට ඒ දෙකම එකතු කළාම 20.5%ක එකතුවක් එනවා. මීට කළින් බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් වුණාම තමන් සපයන සේවා වෙනුවෙන් එකපැත්තකින් වැට් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ ඊට අමතරව සමාජ ආරක්ෂක බද්ද වෙනුවෙන් වෙනමම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ.
මෙතැනදි වෙන සංශෝධනය තමයි බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කරනවා. තවදුරටත් ජූලි 01 වැනිදා ඉඳන් ඉදිරියට බැංකුවක් සහ මූල්‍ය ආයතන තමන් ලබන මූල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ බද්දක් ගෙවිය යුතු නෑ. අන්න ඒ 2.5%ක මුදල අර මූල්‍ය සේවා මත අයකරන වැට් බද්දට එකතු කරනවා… ඉතිං මෙන්න මේ කරපු සංශෝධනය වරදවා ඉදිරිපත් කරලා සමාජයේ ලොකු ප්‍රචාරයක් ගෙනියනවා මේ වැට් බද්ද 20.5%ක ප්‍රමාණයකට වැඩි කරනවා කියලා. විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලිනුත් දැඩි ඉල්ලීමක් ආවා මේ දෙක එක බද්දකට ගේන්න කියලා.”
2026 මැයි 05, පෙ.ව. 12:21
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:16
2026 මැයි 05, පෙ.ව. 12:13
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26