hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 01, ප.ව. 7:46



අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙනවිත් තිබූ වාහන නැවත එම ආයතනවලටම භාරදීම සිදුකර තිබෙනවා.

ඒ, එම වාහන නවත්වා තිබූ ජනාධිපති කාර්යාලය අසළ පරිශ්‍රයේ දීයි.

අද (01) දිනයේ වාහන 19ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් විසින් අද දිනයේම රැගෙන ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැඟින් සම්පූර්ණ වාහන 15ක් ද මෙලෙස අද දිනයේ අදාළ ආයතනවලට නැවත ලබාදීම සිදු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: