hit counter

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 18, පෙ.ව. 12:04



නව ආනයන රෙගුලාසි හේතුවෙන් දින 20 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා රේගුවේ වාහන 400 ක් පමණ සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

නිශ්චිත නිෂ්පාදන දිනය සඳහන් කිරීම රජය විසින් නියම කර ඇති නමුත් එය අභියෝගාත්මක බවත් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය.

ඒ අනුව මෙම තීරණය නැවත සලකා බලන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

වාහන නිදහස් කිරීම ප්‍රමාදය ගැනුම්කරුවන් අධෛර්යමත් කළ හැකි බවත් පවසන ඔහු ප්‍රමාද ගාස්තු හේතුවෙන් වාහන මිල රුපියල් 40,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ යනු ඇතැයිද පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: