hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 මැයි 03, පෙ.ව. 12:05



සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන විද්‍යුත් සංචාරක අවසර පද්ධතියෙන් ශ්‍රී ලංකාව මේ මස මැද භාගයේ දී IVS-GBS සහ VFS Global විසින් මෙහෙයවන නව ප්‍රවේශයක් හඳුන්වා දී ඇත.

මෙම නව ප්‍රවේශය යටතේ බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් අමෙරිකානු ඩොලර් 75ක මිලකට හඳුන්වා දෙයි.

එමෙන්ම, එක් එක් රැඳී සිටීම උපරිම දින 60කට සීමාවී තිබෙන බව වාර්තා වෙනවා.

මෙහිදී අදහස් දැක් වූ සංචාරක අමාත්‍යවරයා පැවසුවේ වීසා ක්‍රමය වෙනස් කළ බැවින් ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවත් පුද්ගලික මට්ටමින් තමන් ඒ පිළිබඳව කලකිරීමෙන් පසුවන බවත් ය.

ඒ බැවින් කඩිනමින් එය විසඳීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: