hit counter

2024 දෙසැම්‍බර් මස 09 වන සඳුදා

2024 ජූලි 09, ප.ව. 5:40



අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (09) දින අදහස් පළ කළා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළේ,

“දැනට සිදුවී තිබෙන විමර්ශන අනුව එම අපරාධය කළ අය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. එවැනි අපරාධයකට පෙළඹුණේ කාගේ අවශ්‍යතාවකට ද.? හේතුව  කුමක්ද.? යන්න පිළිබඳ විමර්ශනවල අවධානය යොමුවී තිබෙනවා.

දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව මේ අපරාධය මෙහෙය වූයේ කුමන අපරාධකරු ද කියලා හෙළිකරගෙන තිබෙනවා. කෙටි කාලයක් තුළ මෙම අපරාධය විසඳා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසයි.

දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් රට තුළ තිබෙන නිසා. එක දවසට හත් අට පොළක වෙඩි තියලා මරපු තත්ත්වයක් මේ රටේ තිබ්බේ.

මෙලෙස ස්වයංක්‍රීය අවි භාවිත කරලා අපරාධයක් සිදුවුණේ මාස දෙකහමාරකට වගේ පසුව. තවමත් නීතිවිරෝධී ගිනි අවි සමාජය තුළ සංසරණය වනවා. ඒ නිසා යුක්තිය මෙහෙයුමේදීත් නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අවධානය යොමුකර තිබෙනවා.”

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: