hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2026 ජූනි 10, ප.ව. 6:38



පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද මිලිලීටර් 500ත් මිලිලීටර් 999 අතර වතුර බෝතලයක් රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 1ත් ලීටර් 1.499 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එසේම ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ගොස් ඇත.

තවද ලීටර් 2ත් ලීටර් 2.499 අතර ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 5ත් ලීටර් 6.999 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: