hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 27, ප.ව. 4:53


WhatsApp
Telegram

අනුරාධපුර රුවන්වැලි මහ සෑයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළව තිබූ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත්තේ.

මීට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයේ පසුගිය දින කිහිපයේ සැරිසැරූ අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසු බලධාරීන්ට දැනුම්දී ඒවා ඉවත් කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවා.