hit counter

2024 නොවැම්‍බර් මස 11 වන සඳුදා

2023 පෙබරවාරි 18, පෙ.ව. 7:45



සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට දුරකතන ඇමතුමක් ලබාදී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් දෙදෙනා අතර දුරකතනයෙන් සාකච්ඡා කර තිබෙන්නේ මැතිවරණය පිළිබඳව බවයි වාර්තා වන්නේ.

මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව කතා කිරීමට ඊට විරුද්ධව වැඩ කිරීමට එහිදී ඔවුන් දෙදෙනා වැඩිදුරටත් සාකච්ඡා කර ඇතැයි සදහන්.

“අපිට ඔයගොල්ලොත් එක්ක පෙලපාලි යන්න එන්න බෑ. එනිසා ඔයගොල්ලො වෙනම යන්න. අපි වෙනම එන්නම්. අපි දෙගොල්ලොම එක තැනකදී එකතු වෙලා එකම වේදිකාවකට නගිමු” අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: