hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 11, ප.ව. 10:26



මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන අශේන් සේනාරත්න ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීය.

ඔහු මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට සිටියේ ය.

ඒ අනුව ඔහුගේ නාම යෝජනාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට අද (11) කටයුතු කර තිබුණා.

එලෙස ඉදිරිපත් කළ නාම යෝජනාව පිළිගත් අයෙකු විසින් භාර නොදීම යන හේතුව මත ප්‍රතික්ෂේප කළ බව අශේන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

මේ අතර, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාම යෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: