hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2023 ජූනි 19, පෙ.ව. 11:41



පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැඩි අවවාදයක් කර තිබෙනවා.

එම කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබුණේ වී මිලදී ගැනීම ගැන සඳහන් කරමින්.

එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබුණේ වී කිලෝ ග්‍රෑමයක් රුපියල් සියය බැගින් මිලදී ගැනීමේදී සිදුවන පාඩුව මහා භාණ්ඩාගාරය විසින් දැරිය යුතු බවකි.

ඊට ජනාධිපතිවරයා විරෝධය පළ කර ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ වී මිලදී ගැනීමට දෙන ණයවල පොලිය අඩු කර දිය හැකි බවයි.

එහිදී ආණ්ඩුව වී මිලදී ගැනීමට මැදිහත් විය යුතු බවට ඇමති රොෂාන් රණසිංහ එහිදී තර්ක කර තිබූ අතර ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ “මගෙත් එක්ක වාද කරන්න එපා. පුළුවන් විදිහට වී මිලදී ගන්න” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: