hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 07, ප.ව. 2:19



නිමල් ලන්සා ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී පිරිසගේ සහාය ලබමින් පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීම සඳහා ඊයේ(06) දිනයේද එහි විධායක සභාව රැස්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සෙසු පක්ෂ සමග පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණවලට තරග කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මේ අතර පොදුජන එක්සත් පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට නියමිත අතර, එහි සියයට 25 ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියයට 50 ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට ද මෙම සාකච්චා වලදී තීරණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: