hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 නොවැම්‍බර් 15, ප.ව. 5:13



කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලට යට වී ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳ සැක සහිත බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරිණ.

 විපක්ෂනායකවරයා සදහන් කළේ ක්‍රිකට් ආයතනය ඊයේ කෝප් කමිටුව ඉදිරියේ පෙනීසිටි අතර එහිදී සිදුකෙරුණු ප්‍රශ්න කිරීම් මාධ්‍යයේ කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට හස්ත සං‍ඥා නිකුත්  කරමින් කටයුතු කරන ආකාරය තමන් දුටු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කෝප් කමිටු සාමාජික හේෂා විතානගේ මන්ත්‍රීවරයා ද සදහන් කළේ කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඒ ආකාරයෙන් ක්‍රියාකළ ආකාරය තමන් ද දුටු බවත් ඊයේ ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් නිසිලෙස ප්‍රශ්න කිරීමටවත් අවස්ථාවක් ලබා නොදුන් බවත් ජනතා පරමාධිපත්‍යයට පයින් ගසා පැය දෙකක කාලයක් නිකරුණේ ගෙවී ගිය බවත් ය.

එවැනි ආකාරයෙන් සභාපතිවරයා කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලට එම සභාපති ද යට වී දැයි සැකයක් පවතින බව ද හේෂා විතානගේ මහතා පෙන්වා දුන්නා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් ප්‍රශ්න කිරීමට සභාපතිවරයා ඉඩ නොදුන් බව ද හෙතෙම පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: