hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 11:47



ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කල කෝප් කමිටු රැස්වීමේදී තමනට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා ජවිපෙ නායක අනුර දිසානායක මහතා තර්ජනය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

කෝප් කමිටුව දූෂිත යැයි ප්‍රකාශ කරන්නේ කෙසේද විමසමින් ඔවුන් එහිදී තමන්ට දැඩි දෙස විවේචන එල්ල කරමින් මෙසේ තර්ජනය කළේ ද ඔහු කියා සිටිනවා.

තමන් කෝප් කමිටුව දූෂිත යයි චෝදනා කළේ අදාළ තොරතුරු සහිතව බවත් අවම සදාචාරය මත එම තොරතුරු හෙළි නොකරන බවද තමන් එහිදී පැවසූ බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: