hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 10:45



ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේදී කඩාගෙන වැටුනේ කෞතුකාගාරයට යැවිය යුතු ගුවන් යානාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එය නිෂ්පාදනය කර ඇත්තේ 1958 වර්ෂයේ බවත් එන්ජිම 1961 වසරේ නිෂ්පාදනය කර ඇති බවත් මන්ත්‍රීවරයා කියයි.

කතානායකවරයාගේ අවධානය යොමු කරමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියා.

මේවා හදනකොට අපි ඉපදිලත් නෑ.මිනිස්සු මරන්නද මේ ගුවන් යානා තවම තියාගෙන ඉන්නේ.පුහුණු කිරීමේ යානා කියල මේවගේ යන අපේ තරුණයෝ දවසින් දවස මහපොළොවට පත බෑ වෙනවා.කවුද මේ ජීවිතවලට වගකියන්නේ”යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: