hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:43



ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව ( Launch) අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද එම උත්සවයට සහභාගී වෙන බවයි.

එසේම වරාය නගරයේ ආයෝජනය සඳහා ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බවත් ඔහු සඳහන් කළා. 

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය) යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද පැවසුවා.

දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියේ කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින්.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත්ය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: