hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 8:06



රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.  

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) කොළඹදී පැවති සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහා සභාව අමතමින්.

කම්කරු සමිතියේ සභාපතිවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රධාන ලේකම් අජිත් ධම්මික මහතා නැවතත් එම තනතුරු සඳහා තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුවුණා.

රුපියල බාල්දු වූ අවස්ථාවක ඇතිවන ආර්ථික පසුබැස්මේ අවාසිය ජනතාවට සෘජුව දැරීමට සිදුව තිබෙන බවත් මේ  නිසාම යම් යම් යෝජනා නැවත සලකා බලා වෙනසකට භාජනය කළ යුතු කාලය දැන් එළැඹ ඇති බවත් ඔහු ‌පෙන්වා දෙනවා.

නමුත් ඉදිරියේදී රුපියල කෙතරම් බාල්දු වේදැයි සැකයක් ඇති කරගත යුතු නොවන අතර වත්මන් රජය හැකි උපරිම සවිය ආර්ථිකයට යොදා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

රටේ දුෂ්කර ම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කර ගැනීමට හැකි වෙතැයි මෙහිදී සිය විශ්වාසය පළකළ අග්‍රාමාත්‍යවරයා රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටළුවෙන් ගොඩ ඒමට මුළු රටම එකාවන්ව විශාල උත්සාහයක යෙදිය යුතු බව අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: