hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 14, ප.ව. 3:41



ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කළ බලවත් වරදක් පිළිබඳ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව්ව කළා

මන්ත්‍රීවරයා සඳහන් කළේ කොළඹ ඇමරිකානු තානාපතිනිය Julie J. Chung උපදෙස් මත ජනාධිපතිවරයා ඔහේ වැනි වැනි සිටි බවත් ‘ජුලියා නෝනා’ මාස ගාණක් තිස්සේ ගෝඨාභය මහතාව දිනපතා හමු වූ බවත්ය.

“මේවා කට්ටිය කියන්නේ නැහැ. කියන්න බයයි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මිරිහානේ ගෙදරට වට කරලා ගහපු දවසේ රෑ ඒ ගෙදරට එනවා ‘ජුලියා නෝනා’. ඇවිල්ලා කියනවා, ‘මට හරි කනගාටුයි ඔබට මේ සිදු වූ දේ ගැන. ඔබ බෞද්ධයෙක්. මම කතෝලිකයෙක්. මගේ විශ්වාසය අනුව ඔබ වෙනුවෙන් යාඥා කරන්න මට ඉඩ දෙන්න’ කියලා. එහෙම කියලා ඒ නෝනා පොළොවේ දණ ගහගෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් යාඥා කරලා ඉල්ලනවා, ‘ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහනය සලසන්න, ආමේන්’ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පසු දිනයේ හිටපු ඇමති කෙනෙකුට කියනවා, ‘බලන්න ඇමරිකන් තානාපතිතුමිය හරි හොඳයිනේ. ඊයේ  ඇවිල්ලා මං වෙනුවෙන් යාඥා කළානේ. කවුද අප්පා එහෙම කරන්නේ?’ කියලා. ටොපිය නියමෙට කාලා. මේක  මහන්සි වෙලා දිනාගත්තු ගේමක් නොවෙයි, පොඩි පොඩි ටොපි දීලා දිනාගත්තු ගේමක්. වෙන රටවල ඊට වඩා දේවල් දෙන්න වෙනවා මේ වගේ මැච් එකක් ගහන්න.”

“ජුලියා නෝනාගේ ගමන ඔන්න එදායින් පටන් ගත්තා. හෙටත් එනවා. අනිද්දත් එනවා. ඉන් අනිද්දාත් එනවා. මොකක් හරි තීරණයක් ගත්තා කියලා ආරංචි වෙනකොට ‘මෙහෙම කරන්න යනවා ද?’ කියලා අහනවා. ගෝඨාභය මහත්තයා ‘ඔව්’ කියනවා. ‘ඒක කරන්න එපා. ඒක කළොත් අයි. එම්. එෆ්. එකේ ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙයි’ කියනවා. ඒ නිසා ඒක නොකර ඉන්නවා. ‘අර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ ගේට්ටුව වහගෙන ඉන්න කට්ටිය යවන්නද හදන්නේ?’ කියලා අහනවා. ගෝඨාභය මහත්තයා කියනවා, ‘ඔව්’ කියලා. ‘ඒක කරන්න එපා. ඒක කළොත් අයි. එම්. එෆ්. ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙයි’ කියනවා. ආයේ ‘එහෙනම් කමක් නැහැ. නොකර ඉන්නම්’ කියනවා. ‘ජුලියා නෝනා’ එදා එක පැත්තකින් රටේ ජනාධිපතිව පාලනය කළා. අනිත් පැත්තෙන් අරගලය පාලනය කළා.” යැයි වීරවංශ මහතා ප්‍රකාශ කළා.

පසුගියදා රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘කෑගල්ල සම්ප්‍රාප්තිය’ ජනතා සමුළුව අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: