hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 12:57



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට නොමැතිව වෙනත් ඕනෑම ධුරයක් සඳහා දයාසිරි ජයසේකර මහතා යළි වරක් තම පක්ෂයට එක්කර ගැනීමට කැමති බව පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පක්ෂය සමග යම් කිසි එකඟත්වයකට පැමිණ, කරන නොයෙක් ක්‍රියාවන් නතර කිරීමෙන් දයාසිරි ජයසේකර මහතාගේ තාවකාලිකව අත්හිටවූ සාමාජිකත්වය යළි සක්‍රිය කර ගැනීමට හැකි බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.

මාධ්‍යවේදියා – මහ ලේකම්තුමා අයින් කළා කියලා ලියුමක් දාලා තියෙනවා?

මෛත්‍රීපාල සිරිසේන මහතා – නෑ අයින් කළේ නැහැ.. අයින් කරලා නැහැ.. තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩ කටයුතු නැවැත්තුවා.. දැන් අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳ.. ඒ වගේ කරුණු ගණනාවක් තියෙනවා.. ඒවා විස්තර කියන්න එච්චර මම කැමති වෙන්නේ නැහැ… එයාට කිසිම ප්‍රශ්නයක් නැතිව පක්ෂයට එන්න පුළුවන් අපි භාර ගන්නවා ලේකම් තනතුර නැතිව.. වෙන ඕනෑම තනතුරකට අපි එයාව භාර ගන්නවා..

මාධ්‍යවේදියා – සාමාජිකත්වය තියෙනවා තවදුරටත්?

මෛත්‍රීපාල සිරිසේන මහතා – සාමාජිකත්වය තමයි තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ.. ඒක ඕන වේලාවක අයින් කර ගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වයකට ඇවිල්ලා, මේ මේ ඔය නොයෙක් නොයෙක් එයා කරන අනම් මනම් වැඩ නවත්තලා..

මාධ්‍යවේදියා – මේක පක්ෂයේ තීන්දුවක්ද? ඔබතුමාගේ තීන්දුවක්ද?

මෛත්‍රීපාල සිරිසේන මහතා – මේක පක්ෂයේ තීන්දුවක්.. දේශපාලන මණ්ඩලයේ තීන්දුවක්..

මාධ්‍යවේදියා – එතුමා මොකද විනය විරෝධීව හැසිරුණාද මොකද? ඔබතුමා ආදරෙන් හිටියානේ එතුමාට..

මෛත්‍රීපාල සිරිසේන මහතා – එහෙම තමයි දේශපාලන පක්ෂවල ඉතිං.. බණ්ඩාරනායක ඉතිං දූලා පුතාලා බෑනලා ඔක්කොම අයින් කෙරුවේ ඉතිං.. ඕවා ඔහොම තමයි..

මාධ්‍යවේදියා – පසුගිය දවස්වල ළඟින්ම හිටියේ ඔබතුමාගේ දයාසිරි මහත්තයා..

මෛත්‍රීපාල සිරිසේන මහතා – එහෙම තමා.. ළඟින්ම ඉන්න එක්කෙනාගෙන් තමයි…… (සිනාසෙමින්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: