hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 9:05



ඉදිරි අයවැය ඡන්දයෙන් පසුව ඇමති මාරුවක් සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පොහොට්ටුවේ බලවත් ඉල්ලීම මත මෙය සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන විෂයන් සඳහා අලුත් ඇමතිවරු පත්වීමට නියමිතයි.

දැනට මෙම තනතුරු දේශපාලන අර්බුධ විසදාගැනීම සඳහා පැලැස්තර විසදුමක් අනුව හරීන් ප්‍රනාන්දුට සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබාදීමට ජනාධිපතිවරයා කටුයතු කළා.

එහෙත් එකම පුද්ගලයෙකු විෂයන් කිහිපයක් පාලනය කිරීමේදී එය සාර්ථකව සිදු නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිටිය යුතු ඇමතිවරුන්ගේ ප්‍රමාණයට හානියක් නොවන පරිදි ඇමතිවරුන් ප්‍රමාණය පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: