hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 27, ප.ව. 5:47



නැසීගිය පාලි­ත තෙව­ර­ප්පෙ­රුම මහතාගේ සත්දින දාන­මය පින්කම අවස්ථාවේදී සුදුසු පක්ෂ­ය­කින් දේශ­පා­ල­නට පිවිසෙන ලෙස තෙව­ර­ප්පෙ­රුම මහතාගේ බිරිඳගෙන් මහා සංඝ­ර­ත්නය ඉල්ලී­මක් කර ඇත.

පිංකම් කටයුතු සඳහා වැඩමවූ පයා­ගල සම­න­ක්කන්ද ගෝම­ර­කන්ද පුරාණ රාජ­මහා විහා­රා­ධි­පති උප ප්‍රධාන සංඝ­නා­යක වත්තල අම­ර­වංශ හිමියන් අනුශාසනා සිදුකරමින් කියාසිටියේ අතීතයේ බණ්ඩා­ර­නා­යක මහ­තාගේ අභාවයෙන් පසු මැති­නිය සක්‍රීය දේශ­පා­ල­න­යට පිවිසීමට හේන්පි­ට­ගෙ­දර ඤාණ­සීහ හිමි ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය ආරධනා කළ මෙන් අද දිනයේ මහා සංඝ­ර­ත්නය මූලික කර­ග­නි­මින් එවැ­නිම ඉල්ලී­මක් සිදුකරනා බවයි.

එම පිංකම් අවස්ථාව සඳහා අග­ල­වත්ත පති­රාජ පිරි­වෙන්හි හිටපු නියෝජ්‍ය පරි­වේ­ණා­ධි­පති ආචාර්ය යට­දො­ළ­වත්තේ චන්ද්‍ර­සිරි නාහිමි සහ පයා­ගල සම­න­ක්කන්ද ගෝම­ර­කන්ද පුරාණ රාජ­මහා විහා­රා­ධි­පති වත්තල අම­ර­වංශ නාහිමි ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය සහ දස­සිල් මෑණි­ව­රුන් නැසීගිය සහ පාලිත තෙව­ර­ප්පෙ­රුම මහ­තාගේ ඥාතී හිතෛ­ෂීන් පිරිසක් සහ­භාගි විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: