hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 2:51



පාර්ලිමේන්තුවේ අයවැයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් සියලුම මැති ඇමතිවරුන් සඳහා ලබා දෙන සංග්‍රහය මෙවර සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වර්ජනය කර තිබෙනවා.

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මන්ත්‍රී භෝජනාගාරයේදී මෙවර විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සියලු දෙනා වෙනුවෙන් සුදානම් කර තිබුණා.

මේ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම දෙමල ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාගේ විශේෂ දිවා භෝජන සංග්‍රහය ප්‍රතික්ෂේප කල සජබ මන්ත්‍රීවරුන් සියලු දෙනා මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරයේදී දිවා ආහාරය ලබා ගැනීමද විශේෂත්වයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: