hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 23, පෙ.ව. 8:48



සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව වට රවුම ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අද (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් මෙය සංවිධාන කර ඇති බව සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ඊයේ (22) හිමි වුණා.

ඒ, මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම රැස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරින් සහභාගී වූ බව සඳහන්.

එහි දී ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවයි පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධන විය යුතු බැවින් කමිටුවට පෙන්වා දී ඇති අතර මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පත කඩිනමින් සම්මත නොකොට තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම සිදු කරන බවයි කාරක සභාවේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමෙන් අනතුරුව ඒ සඳහා දින දෙකක විවාදයක් පැවැත්වෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: