hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 2:07



ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (07) තේරී පත්වී තිබෙනවා.

ඒ එම අනුකමිටුවේ පළමු රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.  

සභාපති ධූරය සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් වන අතර, එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ නසීර් අහමඩ් යන මහත්වරුන් විසින්.

මෙහිදී කමිටු සාමාජිකයන් විසින් තේ වගාව දියුණු කිරීම, කිරි නිශ්පාදනය ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය යළි ප්‍රතිව්‍යුහගත කිරීම, පොහොර නිශ්පාදනය, සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව යෝජනා අදී රටේ ඉදිරි ආර්ථික සුරක්ෂිතතාවය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සිය අදහස් පළ කර තිබෙනවා.

එහිදී විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් සමග සාකච්ඡා කොට ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ ආර්ථික ප්‍රවර්ධන යෝජනා ඇතුළත් වාර්තාවක් එළඹෙන 20 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමටද සමාජිකයින් එකඟ වී තිබෙනවා.

ඒ අනුව විදේශ විනිමය ගැටළුව, ණය ප්‍රතිව්‍යහගත කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂඥයන් මෙන්ම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එළඹෙන 13 වැනිදා කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට සමාජිකයන්ගේ එකඟතාවය හිමි වී තිබෙනවා.

එමෙන්ම, ආහාර, සෞඛ්‍යය, ප්‍රවාහන, බලශක්ති ආදී ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් සහ අදාළ නිලධාරීන් එළඹෙන 14 වැනිදා කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටද මෙහිදී තීරණය වුණා.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව ලබන 19 වැනිදා ද පැවැත්වීම ද මන්ත්‍රීවරයන්ගේ එකඟතාවය පළවී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: