2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 9:46
රජයේ නිලධාරීන්ගේ අත්‍යාවශ්‍ය නොවන විදේශ සංචාර සියල්ල ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් අත්හිටුවා තිබියදී එම නියෝගවලට වංගුවක් දමමින් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් යාමට උත්සාහකල විදෙස් සංචාරයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබෙනවා.
ඒ අනුව මෙම පිරිස මොරොක්කෝවේ Marrakesh නුවර පැවැත්වීමට නියමිත ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.
සියල්ල සකස්කර අවසන් අනුමැතිය සඳහා ඉල්ලීම් කර තිබියදී එය අතවශ්‍ය ගමනක් නොවන බැවින් ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් එම සංචාරය ප්‍රතික්ෂේප කර ඇත.
මෙම සඳහා රුපියල් මිලියන 1.4 (ලක්ෂ 14ක්) වැය කිරීමට සැලසුම් කර තිබී ඇති බවද වාර්තාවේ.
රජයේ නිලධාරීන්ගේ අත්‍යාවශ්‍ය නොවන විදේශ සංචාර සියල්ල මේ වනවිට ජනාධිපති කාර්‍යාලය විසින් අත්හිටුවා ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාර සඳහා සහභාගී වන්නේද අත්‍යාවශ්‍යම රාජ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් රජයේ ආරංචි මාර්ග කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
22-06-25
22-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
19-06-25
19-06-25
17-06-25
17-06-25
15-06-25
15-06-25
14-06-25
14-06-25
14-06-25
14-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25